ශ්‍රී ලංකාව තුළ
දැනට නිෂ්පාදනයේ පවතින්නේ අප රටෙහි මී පැණි අවශ්‍යතාවයෙන් 20%ක් පමණි. 80% ක මී
පැණි අවශ්‍යතාවය සපුරා ගනුයේ ආනයනය කිරීම මගිනි. මේ හේතුවෙන් අප රට තුළ මී පැණි
නිෂ්පාදනය කර ගැනීමේ හැකියාව පිළිබඳ විශාල අවකාශයක් පවතින බව පෙනෙන්නට ඇති
කරුණකි. මේ නිසා මී මැසි පාලනය විනෝදකාමී ස්වයං රැකියාවක් වනවාසේම ජාතික අවශ්‍යතාවයක්
ඉටු කිරීමක් ද වෙයි. ඉතා විශිෂ්ට ගුණයෙන්
යුත් මී පැණි, ආයුර්වේදයේ
බෙහෙවින් භාවිතා වන ඔසුවකි.
මී මැසි පාලනය
කෙරෙහි යොමුවන පුද්ගලයෙකු පළමුවෙන් ඒ සඳහා
සුදුසු පරිසරයක් සකස් කරගත යුතු ය. මල් පැණි, මල් රොන්, මී පැණි ආදිය මී
මැස්සාගේ ආහාර වන බැවින් ඒවා පහසුවෙන් සපයාගත හැකි පරිසරයක් ඇති කිරීම මී මැසි
පාලනයේ දී අත්‍යවශ්‍ය ය. එමෙන් ම මල් පැණිවලට අමතර ව ඉදුණු පලතුරු වර්ගවල
යුෂ ද මී මැස්සා මී පැණි සඳහා එකතු කර ගනී.
මී මැසි වර්ග
රැසක් (බඹර මැස්සා, දෙබරා, මී මැස්සා, කනෙයි) ආදී වශයෙන්
ඇතත් මී මැසි පාලනයට යොදා ගන්නේ මී මැස්සා පමණි. ගස් බෙනවල , අඳුරු අතු පතර, ගල් වැටිවල ආදී තැන්වල තම ජනපද සාදා
ගන්නා මී මැස්සා දීර්ඝ කාලයක් එක තැන රැඳී සිටිමින් එකිනෙකට සමාන්තර ව ක්‍රමානුකූල
ලෙස මී වද බැඳීම කරයි. මෙම ජීවන රටාව හේතුවෙන් මී මැසි පාලනය ගෘහස්ත ව සිදු කිරීම
පහසු ය. රජ මැස්සිය, වැඩකාර මැස්සියන්, පිරිමි මැස්සන් වශයෙන් මී මැසි ජනපදයක සිටින
ගහනය හඳුනා ගැනීම කළ හැක.
මී මැස්සන්
අල්ලා ගැනීම
මී මැසි
ජනපදයක් ඇති කර ගැනීම සඳහා කළ යුතු මුල් ම කටයුත්ත වන්නේ මී
මැසි ජනපදයක් ඇති තැනකින් එවැන්නක් ලබා ගැනීමයි. එසේ නොමැති නම් මී මැසි රංචු බෙදී යන අවස්ථාවක
ගෙන්වා ගැනීමට උපක්‍රම යෙදීමයි.
මී මැස්සන් අතපත
ගෑමට කෙනෙක් බියවිය යුතු නැත.මී මැස්සන්ට හිංසා නොවන අයුරින් උන් සමග කටයුතු කළ
යුතු ය. කෙසේ වෙතත් අත් මේස් හා මුහුණු ආවරණයක්
භාවිතා කිරීම නුවණට හුරු ය.මී මැසි පොදියක් අල්ලා ගැනීමේ දී ප්‍රධාන වශයෙන් කළ යුත්තේ රජ මැස්සිය අල්ලා
ගැනීමයි. රජ මැස්සිය අල්ලා ගැනීමට සුදුසු ම ආකාරය නම් මී මැස්සන් පොදියක් එකවර
අල්ලා පෙට්ටියකට දමා අනෙක් මැස්සන්ට ද පෙට්ටිය තුළට ඒමට ඉඩ සලසා දීමයි. රජ මැස්සිය
පෙට්ටිය තුලට ඇතුල් වූ විට අනෙක් සියලු මැස්සන් ද ඒ තුළට ඇතුලු වෙයි.
අත්තක් වැනි
තැනක බඳින ලද මී මැසි
පොදියක් අත්ත සමග කඩා ගෙන පෙට්ටියක දොරටුව අසල තැබීමෙන් මී මැස්සන් පෙට්ටිය තුලට
ඇතුල් වෙයි.
මීමැසි රංචුව උස අත්තක රැඳී සිටින අවස්ථාවක පොල්
කොළ ගොටුවක් වැනි ගොටුවක් වැනි දිග ලීයක බැඳ මී මැසි පොදිය එම
ගොටුවට ගෙන පෙට්ටිය
තුළ තැන්පත් කළ හැකි ය.
මී
මැස්සගේ ස්වභාවික ජීවන රටාවට අනුව සකස් කළ මී මැසි පෙට්ටියක් කෘෂිකර්ම
දෙපාර්තමේන්තුවෙන් හඳුන්වා දී ඇත.
අලුතින් අල්ලා
ගත් මී මැසි රංචුවක් නිවැරදි ආකාරයකට සකස් කළ මී මැසි පෙට්ටියක බහාලීමට පෙර රජ
මැස්සියට බිජු දැමීම සඳහාමී වද එකක් හෝ දෙකක් සැපයීම කළ යුතු ය.
එවැනි අවස්ථාවක වෙනත් මීයකින් වදයක් ලබා ගැනීම කළ යුතු ය. මී මැසි රැජින වහා බිජු
දැමීම ආරම්භ කරයි. ඒ සමග අලුත් මී පෙට්ටියටආහාර සැපයීම ද කළ යුතු ය. මී මැසි
ජනපදයක් පෙට්ටිවල රැඳවීම උදේ
වරුවෙහි සිදු කළ යුතු ය. මේ අවස්ථාව වන
විට පැණි රැස් කිරීම සඳහා පිට ව ගොස් ඇති මී මැස්සියන් නැවත එම
ස්ථානයට පැමිණෙන තෙක් රංචුව අල්ලා ගත් ස්ථානයේ ම තිබෙන්නට හැරිය යුතු ය. ස්ථිර
ස්ථානයකට ගෙන යාම කළ යුත්තේ රාත්‍රි කාලයේදී ය. මී මැසි ජනපදය ස්ථිර ව රඳවන ස්ථානය අවට හොඳින් පිරිසිදුව තබා ගත
යුතු ය.
නිවැරදි අයුරින් සකස් කළ මී මැසි පෙට්ටියක්පතුලේ ලෑල්ල, පිලා කුටිය, ඇතුල් කුටිය, මුදුන් ලෑලල්ල (වහලය), පිලා රාමුව, පැණි රාමුව, ව්‍යාජ රාමුව,හා ගේට්ටුව යන අංග වලින්
යුතු ය.
ක්‍රමානුකූල ව
සකස් කළ මී මැසි ජනපදයක වද නිපදවීම ඉතා ඉක්මණින් සිදුවෙයි. වර්ෂයක් තුළ දෙවරක්
පැණි අස්වැන්න ලබා ගැනීමටහැකියාව ඇත. වරකට ලබා ගත හැකි මී පැණි ප්‍රමාණය රාත්තල්
10ත් 15ත් අතර වෙයි. හොඳින් මල් රොන් රැස් කර ගත හැකි කාලවල දී මේ
ප්‍රමාණය මීට වඩා වැඩි විය හැක.
වදවලට හානි නොවන පරිදි පැණි එකතු කර ගැනීම
සිදු කළ යුතු ය.මී පැණි මේරීමට ප්‍රමාණවත් කාලයක් තබා (දින10ක් පමණ) පැණි එකතු කර
ගැනීම කළ යුතු ය. පැණි වද පෙට්ටිවල ඇති පැණි වලින් කොටසක් මල් නැති දුෂ්කර කාල වල දී
මැස්සන්ගේ පාරිභෝජනය සඳහා ඉතිරි කළ යුතු ය.
අස්වැන්න ලෙස ලබා ගත් මී පැණි ඉතා හොඳින් ගබඩා කර තැබීමෙන් දීර්ඝ කාලයක් කල් තබා ගත හැකි ය.
කෙසේ වෙතත් මී මැසි පාලනයට යොමුවන අයෙකු ඒ
සඳහා පුරැදු
අයෙකුගේ සහය ලබා ගැනීම කළ යුතු ය. මේ සඳහා පුහුණුව ලබා ගත හැකි රජයේ අායතනයක් බණ්ඩාරවෙල බිඳුණුවැව මීමැසි පාලන
සංවර්ධන ආයතනය නමින් ඇත.
(පොත පත සහ අන්තර්ජාලය ඇසුරිණි)
- මෙලෙස ඉතා පිරිසිදු ලෙස නිෂ්පාදනය කරනු ලබන මී පැණි 1kg ක් රු.2500ත් 3000ත් අතර මිලකට ඉතා පහසුවෙන් අලෙවි කළ හැක. ආයුර්වේද ඔසු වර්ග නිෂ්පාදනයේ දී සහ භාවිතයේ දී පිරිසිදු මී පැණි වල අවශ්‍යතාවය ඉහළ බැවින් මී පැණි සඳහා ඉතා හොඳ ඉල්ලුමක් සහිත වන බව මැනවින් සනාථ වේ.
- ඒ හේතුවෙන් මී මැසි පාලනය ස්වයං රැකියාවක් වශයෙන් තෝරා ගැනීම ඉතා බුද්ධිමත් පියවරකි.
Wooow good point...lakma.
ReplyDeleteHoda wadak
ReplyDelete