ආගමික කටයුතු අවස්ථාවන්හිදී ද, උපන් දින සාද වැනි
උත්සවාකාර අවස්ථාවන්හිදී ද ඉටිපන්දම් බහුල වශයෙන් භාවිතාවට ගැනෙයි. අවශ්‍ය වියදම
දැරිය හැකි අයෙකුට ඉතා පහසුවෙන් කළ හැකි සුළු කර්මාන්තයක් වශයෙන් ඉටිපන්දම්
නිෂ්පාදනය දැක්විය හැක. මේ සඳහා වූ අච්චු විවිධ ප්‍රමාණයෙන් කාර්මික ආයතනයකින්
සාදවා ගත හැක.
ඉටිපන්දම් නිෂ්පාදන අච්චු -
- ලොකු ඉටිපන්දම් අඟල් ¾ අඟල් 8 වශයෙන් ද
- කුඩාඉටිපන්දම් අඟල් ½ අඟල් 6 වශයෙන් ද
- සාද (party) ඉටිපන්දම් අඟල් 3 ප්‍රමාණයෙන් ද
අවශ්‍ය අමු ද්‍රව්‍ය
- පැරපින් වැක්ස් (ඉටි) - කොටස් 97
- ස්ටියරික් අම්ලය - කොටස් 3
- කපු නූල් - නො 10
- උණු කිරීම සඳහා ලිපක්
නිෂ්පාදන ක්‍රියාවලිය
පියවර 01 - පැරපින් ඉටි සහ ස්ටියරික් අම්ලය භාජනයකට දමා සෙ.ග්‍රේ. 50 - 55 දක්වා උණු කරන්න. (අවශ්‍ය නම් පාට යොදා ගන්න.)
පියවර 02 - නූල් දමා සකස් කර ගත් අච්චුවලට උණුකර ගත් මිශ්‍රණය දමන්න.
පියවර 03 - අච්චු ජල භාජනයක දමා සිසිල්වීමට ඉඩ හරින්න.
පියවර 04 - සිසිල් වූ පසු අච්චුවෙන් ඉටිපන්දම් ගලවා ගන්න.
සාද හා ප්‍රියසම්භාෂණ අවස්ථාවල දී භාවිතා කරන කුඩා ප්‍රමාණයේ ඉටි පහන් විවිධ
වර්ණ යොදා ගනිමින් නිෂ්පාදනය කිරීම සුදුසු ය.
ගොඩක් වැදගත් ලිපියක්
ReplyDeleteහොද ස්වයං රැකියා අත්වැලක්
ReplyDeleteGood idea
ReplyDeleteඉටි පන්දම් හදන්න අමු ද්‍රව කොහොමද හොයාගන්නේ?
ReplyDeleteAmudravya kohenda ganne kiyalath kiyannako
ReplyDeleteහොද ලිපියක්
ReplyDeleteඅමුද්‍රව්‍ය ගන්නෙ කොතනින්ද හදන ඉටි පන්දම් තොග ගන්නෙ කවුද
ReplyDeleteඅමුද්‍රව්‍ය ගන්නේ කොහොමද
ReplyDelete