අයිස්ක්‍රීම් නිෂ්පාදනය

         අයිස්ක්‍රීම් ශ්‍රී ලංකාවාසීන්ගේ වඩාත් ප්‍රියතම ආහාරයකි. නාගරික ජනතාව අතර මෙන් ම ග්‍රාමීය ජනතාව අතර ද බෙහෙවින් ම ඉල්ලුමක් ඇත. මෙයට දරුවන් ද අතිශය ප්‍රියතාවයක් දක්වයි. උත්සව අවස්ථාවන්හි දී පමණක් නොව සාමාන්‍ය එදිනෙදා කටයුතුවලදී ද අතුරුපසක් ලෙස අයිස් ක්‍රීම් භාවිතා කෙරෙයි. අයිස්ක්‍රීම් නිෂ්පාදනය ස්වයං රැකියාවක් ලෙස තෝරාගැනීම  පහසුවෙන් කළ හැකි ලාභදායි ව්‍යාපාරයකි. 

අවශ්‍ය ද්‍රව්‍ය
එළකිරි     -  1L
කිරිපිටි(යොදය සහිත) -  මේස හැඳි 4
සීනි          -  175g
ජෙලටින්  -  8g                                        
වැනිලා     -  2g
කෝන් ෆ්ලවර්  - මේස හැඳි 2

අවශ්‍ය උපකරණ 
ශීත කරණය               
විදුලි හොට් ප්ලේට් එක       
ඇළුමිනියම් භාජන      
මිණුම් උපකරණ
මිශ්‍රණ උපකරණ හැඳි ආදිය

නිෂ්පාදන ක්‍රියාවලිය
පියවර 01 - කිරිපිටි මේස හැඳි 4 උණු ජලය අඞු කෝප්ප එකකට හොඳින් දිය කරන්න.
පියවර 02 - කෝන්ෆ්ලවර් මේස හැඳි 2 ඇල් දිය කෝප්ප ¼  ට දිය කරන්න.
පියවර 03 - ජෙලටින් උණු ජලය කෝප්ප ¼  දිය කරන්න.
පියවර 04 - එළකිරි 1L භාජනයකට වත්කර හැඳි ගාමින් කිරිවල ජලය ඉවත් වී උකු ගතිය එන තෙක් මද ගින්නේ රත් කරන්න. (සෙ.ග්‍රේ.65 දක්වා)
පියවර 05 - සෙ.ග්‍රේ. 40දී පමණ වන විට කිරිවලට සීනි එකතු කරන්න. (රත් කරන අතර)
පියවර 06 - පෙර දී දිය කර ගත් කිරි පිටි මේස හැඳි 04 ඉහත කිරි මිශ්‍රණයට එක් කරන්න.
පියවර 07 - දිය කර ගත් කෝන් ෆ්ලවර් කිරිවලට එකතු කර නොනවත්වා හැඳි ගාන්න.
පියවර 08 - තරමක් උකු ගතිය දැනෙන තෙක් රත් කර ලිපෙන් බා ගෙන කලින් දිය කර ගත් ජෙලටින් මිශ්‍ර කර නිවෙන්නට ඉඩ හරන්න.
පියවර 09 - සාමාන්‍ය උෂ්ණත්වයට (සෙ.ග්‍රේ.38)ට නිවුණ පසු රස සහ වර්ණ කාරක එකතු කරන්න.
පියවර 10 - මිශ්‍රණය සාමාන්‍ය තත්වයට සිසිල් වූ විට පැතලි බඳුනකට දමා විනාඩි 5ක් බීට් කර පැය 2 ක් අධි ශීතකරණයක තබන්න.
පියවර 11 - පැය දෙකකින් පසු නැවත විනාඩි 5ක් බීට් කර අධි ශීතකරණයේ තැබීම මෙසේ පැය 2 න් 2 ට හතර වාරයක් බීට් කර අධි ශීතකරණයේ තබන්න.
පියවර 12 - ඉන් පසු පැ. 6-8පමණ  අධි ශීතකරණයේ තිබෙන්නට ඉඩ හරින්න.

සැලකිය යුතු කරුණු   
  • බීට් කිරීමේ දී පෙන නගින තුරු බීට් නොකල හොත් ක්‍රීම් ගති ය ඇති නොවේ.
  • ප්‍රමාණය ඉක්මවා ජෙලටින් එක් නොකල යුතු ය. 

1 comment:

  1. කල් තවබාගැනීමේ ද්‍රව්‍ය මොනවාද?

    ReplyDelete