ඉන්ටර්ලොක් සිමෙන්ති ගල් නිෂ්පාදනය

         අලංකාරවත් ලෙස තම ගෙවත්ත මිදුල ක‍‍‍මවත් ‍ෙලස පවත්වා ගැනීමට කැමති අය අද වනවිට ඉන්ටර්ලොක් සිමෙන්ති ගල් භාවිතා කරනු ලබයි. නිතර නිතර පිරිසිදු කිරීමට අවශ්‍ය නොවීමත් සවි කිරීමෙන් පසු ලැබෙන ආකර්ෂණීය පෙනුමත් හේතු කොට ගෙන ඉන්ටර්ලොක් සිමෙන්ති ගල් සහා අද යහපත් ඉල්ලුමක් ඇති වී ඇත. ගෙමිදුල් අලංකාරයට පමණක් නොව මංමාවත් අලංකාර අයුරින් පවත්වා ගැනීමටත් අද මෙම ගල් වර්ගය භාවිතා කරනු ලබයි. විවිධ පාටවලින් පමණක් නොව විවිධ හැඩයන්ගෙන් ද මෙම ගල් විශේෂය වෙළපොලෙන් ලබා ගැනීමටත් ස්වයං රැකියාවක් ලෙස ඉන්ටර්ලොක් සිමෙන්ති ගල් නිෂ්පාදනය කිරීමටත් හැකියාව ඇත.
අවශ්‍ය අමු ද්‍රව්‍ය
සිමෙන්ති
වැලි
ෂිප් කලු ගල් කුඩු
සිමෙන්ති පාට වර්ග
ෆයිබර් අච්චු
ලිහිසි තෙල් වර්ගයක්


නිෂ්පාදන ක්‍රියාවලිය

පියවර 01 -      
ෆයිබර් අච්චුවල ලිහිසි තෙල් හොඳින් ඇතිල්ලීම. (මෙසේ කරනු ලබන්නේ නිෂ්පාදිත ඉන්ටර්ලොක් ගල් හොඳින් වියලුනු පසු අච්චුවලින් ගලවා ගැනීම පහසුවීමට ය.)

පියවර 02 –
දියකර ගත් පාට වර්ගයක් (සිමෙන්ති ස්වල්පයක් මිශ්‍ර කර) අච්චු වලට වක්කර ගැනීම. (මෙසේ කරන්නේ නිෂ්පාදිත ගල්වල     මුහුණත පෙනුම සහා) විනාඩි 15ක් නිෂ්චල තැනක තැබීම.

පියවර 03 –
සිමෙන්ති කොටස් 1ට වැලි කොටස් 2 ද ෂිප් ගල් කුඩු 1-1/2ක් ද මිශ්‍ර කර වතුර ඉතා ස්වල්පයක් යොදා බදාම සකස් කර ගැනීම.

පියවර 04 –
එම බදාම අච්චුවලට  දැමීම. (බදාම අච්චුවලට තද වනසේ දමා වැඩිපුර පවතින බදාම ලී කැබැල්ලක ආධාරයෙන් කපා හැරිය යුතු ය).
දින දෙකක් හෝ තුනක් වි‍යලෙන්නට හැර ගල් අච්චුවෙන් ගලවා ගත යුතු ය. මේ ආකාරයට තමන් අදහස් කරන ප්‍රමාණයට ප්‍රමාණවත් වන ඉන්ටර් ලොක් ගල් නිෂ්පාදනය කර ගත යුතු ය.

ඉන්ටර් ලොක් ගල් ඇතිරීම
  • ගල් ඇතිරීමට නියමිත භූමියෙහි මතුපිට පස් අල් 2ක් පමණ ඉවත් කළ යුතු ය. ඒ මත වැලි සහ කලු ගල් කුඩු අල් 1 1/2 උසට අතුරා අල් 1 ට තලා මට්ටම් ලෑල්ලකින් හොඳින් තුනී කළ යුතු ය.

  • තුනී කරන ලද පොලොව මත ඉන්ටර් ලොක් ගල් ඇතිරීම කළ හැක. විවිධ පාට ගල් නියමිත මෝස්තරයකට ඇතිරීම කළ යුතු ය.

  • ගල් ඇතිරීමෙන්තුරුව කෙලවර බෝඩරය කොන්ක්‍රිට් බීම් එකකින් ස්ථාවර කළ යුතු ය.





   

2 comments:

  1. එලකිරි වැඩක් .... ජයම වේවා

    ReplyDelete
  2. මේ ලිපිය නම් අතිශය වැදගත්. බොහොම කාලයක් තිස්සෙ හොයාපු දෙයක්ග ගොඩක් පින්. සිමෙන්ති වලට දාන පාට වර්ග සඳහා ගන්නේ Hardware වල තියෙන පාට සිමෙන්ති ද නැත්නම් pigment ද කියල කියන්න පුළුවන් නම් බොහොමත් ම වටිනව

    ReplyDelete