පුද්ගලයින්ගේ එදිනෙදා සාමාන්‍ය ජීවිතයේ දී සිදුවන විවිධ
වූ සුභ කටයුතු තුළ මෙන් ම ආගමික සිද්ධස්ථාන වල සිදුවන්නා වූ විවිධ වූ පුදපූජා
කටයුතු තුළ යනා දී ලෙස බොහෝ අවස්ථාවන්හි දී නොයෙක් අරමුණු මූලික කොට ගෙන සුවඳ හඳුන්කූරු
භාවිතය ඉතා වැඩි වශයෙන් සිදු වේ. එම නිසාවෙන් වර්තමානය වන විට දී වෙළඳපොළ හඳුන්කූරු
නිශ්පාදන අවශතාවය ඉතා ඉහළ ය.
ස්වයං රැකියා අවස්ථාවන් පිළිබඳ කතා බහ කිරීමේ දී මෙම හඳුන්කූරු
නිශ්පාදනය ඕනෑ ම පුද්ගලයෙකුට, තම නිවසේ සිට ඉතා පහසුවෙන් හා අඩු වියදමින් කුඩා
පරිමාණ වශයෙන් ආරම්භ කළ හැකි ඉතා අගනා ස්වයං රැකියාවක් ලෙස හඳුනාගත හැකි ය. වර්තමානය
වන විට වෙළඳපොළ හඳුන්කූරු අවශතාවයෙන් වැඩි ප්‍රමාණයක් ආනයනික හඳුන්කූරු නිශ්පාදන හරහා
පිරිමසාගනු ලැබේ.
එමෙන් ම මධ්‍ය පරිමාණ වශයෙන් පවත්වාගෙන යන්නා වූ හඳුන්කූරු
නිශ්පාදන ආයතන බොහෝමයක් තරඟකාරී වෙළඳපොළ තුළ හඳුනාගත හැකි අතර ම මේ නිසාවෙන් තම
දිවිය සරිකර, දිරියෙන් නැග සිටීමට උත්සුක වන්නා වූ දිරිමත් ඔබට ද මධ්‍ය පරිමාණ වශයෙන්
ද හඳුන්කූරු නිශ්පාදනයන් සිදුකර තරඟකාරී වෙළඳපොළ ජයගැනීමේ හැකියාවක් ඇත.
හඳුන්කූරු නිශ්පාදනය සඳහා -
අවශ්‍ය අමුද්‍රව්‍ය
- ලී කුඩු
- පට්ටා කුඩු
- අඟුරු කුඩු
- වයිට් ඔයිල්
- ජලය
- සාම්බ්‍රානි කුඩු, සුදු හඳුන් කුඩු, සැවැන්දරා කුඩු
- සුවඳ වර්ග හා පාට වර්ග
- උණ කූරු
- ඇසුරුම් සඳහා කඩදාසි හෝ කඩදාසි පෙට්ටි (අවශ්‍ය ප්‍රමාණයට)
අවශ්‍ය යන්ත්‍රෝපකරණ
- පෙනේරයක්
- කුඩා තරාදියක්
- කුඩා ස්ප්‍රේ යන්ත්‍රයක්
- සුමට මතුපිටක් සහිත ලෑල්ලක්
සාදන ක්‍රමය
පියවර 01 - ලී කුඩු කොටස් 1: අඟුරු කුඩු 1: පට්ටා කුඩු 2
ආදී වශයෙන් වන අනුපාතයට සාම්බ්‍රානි කුඩු, සුදු හඳුන් කුඩු හා සැවැන්දරා කුඩු
ස්වල්ප ලෙස එකතු කර (තරාදියෙන් මැන), කුඩු කර පෙනේරයෙන් හලාගන්න.
පියවර 02 - ඉන්පසු එම මිශ්‍රණය වයිට් ඔයිල් ස්වල්පයක් හා
ජලය ස්වල්පයක් සමග මිශ්‍රකර දියාරු නොවන තලපයක් සේ සකසා ගන්න.
පියවර 03 - එලෙස සකස් කරගත් තලපයෙන් කොටස් වෙන්කර, එම
කොටස් නැවත සුමට මතුපිටක් සහිත ලෑල්ල මත තබා තලපයක් සේ සකසා ගන්න.
පියවර 04 - එම තලප මත උණකූරු තබා දෑතින් රොල්කර හඳුන්කූරක
හැඩය සකසා ගන්න.
පියවර 05 - උණ කූර මතට තලප මිශ්‍රණය හොඳින් ඇලුණු පසු
අව්වේ තබා වියලාගන්න.
පියවර 07 - ඉන්පසු අව්වේ වියලා ගත් හඳුන්කූරු මත සකසා
ගත් සුවඳ හා පාට මිශ්‍රිත දියරය ස්ප්‍රේ යන්ත්‍රය ආධාරයෙන් ඉස ගන්න.
පියවර 08 - අවසාන වශයෙන් නිර්මාණය කරගත් අලංකාර හා සුවඳවත්
හඳුන්කූරු, කඩදාසි හෝ කඩදාසි පෙට්ටි වල අහුරා වෙළඳපොල වෙත ඉදිරිපත් කරන්න.
👍 great work
ReplyDeleteනියමයි..
ReplyDeletegreat article... good luck
ReplyDeleteGood job Lakma.... Keep it up..
ReplyDeletewaw niyamai
ReplyDeleteGood
ReplyDeleteGood Job
ReplyDeletestill great
Deletee machine eka ganna thiyenne koheda
ReplyDeletepatta kudu kiyanne monada
ReplyDeleteGreat ..පට්ටා කුඩු මිලදී ගන්න පුලුවන් කොහෙන්ද
ReplyDeleteමට හදුන්කූරු හැදීමට උපදෙස් ලබාගැනීම සදහා
ReplyDeleteමෙ මැශින් එකෙ මිල කියද.?
ReplyDeleteගන්න තියෙන්නෙ කොහෙද..?
0719365690
Deleteහඳුන්කූරු නිෂ්පාදනය කරන යන්ත්‍රයක් විකිණීමට ඇත. විමසීම්:- 0719365690
ReplyDelete