විසිතුරු පැළ වගාව


      ආකර්ෂණීය පෙනුම හේතුවෙන් හරිත පැහැයෙන් යුතු විසිතුරු පැළ තම ගෙවතු තුළ සිටුවා ගැනීමට බොහෝ දෙනා ප්‍රිය කරති.විශේෂයෙන් පහතරට තෙත් (වියලි) කලාපයේ විසිතුරු මල්වල පළදාව පහත මට්ටමක පවතින බැවින් මල් රහිත විසිතුරු පැළ සදහා ඉහළ ඉල්ලුමක් පවතී. පසුගිය වසර කිහිපය තුළ අපනයන කටයුතු දෙස විමසා බැලීමේදී මල්වලට වඩා විසිතුරු පැළ මගින් මෙරටට විශාල විදේශ විනිමය ආදායමක් ලැබී ඇති බව පෙනී යන කරුණකි.

මේ අනුව විසිතුරු පැල වගාවකට යොමුවන අයෙකුට ඒ සදහා යොදා ගත හැකි පැල වර්ග රැසක් දැනටමත් පැල වගා කරන ස්ථාන වලින් සපයා ගත හැක. ක්‍රෝටන්-කෝලියාස්-බීගෝනියා-ඩ්‍රැසීනා-පිලෝඩෙක්ඩන්- ඇග්ලොනිමා-මැරන්තා සහ මීමන වර්ග ද ඇතුළු පැළ වර්ග ගණනාවක් පැල තවාන්වල දක්නට ඇත. මෙයට අමතර ව උතුරු මැද වැනි වියලි දේශගුණික පලාත්වල ප‍‍‍‍ෙතාක් ඉයුෆෝබියා හොදින් වගා කළ හැක.

පරිසර සාධක          
උෂ්ණත්වය සෙ.ග්‍රේ.අංශක 20-35 ද 50%ක සෙවන තත්ත්වය ද පූර්ණ ආලෝක තත්ත්වය ද 50%-60% අතර වායුගෝලීය තෙතමන තත්ත්වයක් ද පවතින පරිසර සහිත ප්‍රදේශ වල හරිත විසිතුරු වගාව හොින් කළ හැක.

බඳුන් මිශ්‍රණය
මෙම ශාඛ වර්ග සහා හොඳින් ජලය බැස යන මාධ්‍යයක් භාවිතා කළ යුතු ය. බඳුන් මිශ්‍රණය පහත සහන් ආකාරයට සකසා ගත හැක.

•  ලොම් පස් කොටස් 4    
•  වියලි  ගොම කොටස්  1
•  දිරා ගිය කොළ රොඩු කොටස් 2
•  වැලි කොටස් 1               
•  අඟුරු කැ‍බලි 1/4
•  ග‍‍‍‍‍ඩොල්  කැබලි  1/4

ඳුන්වලට පොහොර යෙදීම
සති දෙකකට වරක් නයිට්‍රජන් මිශ්‍ර පොහොරක්  පැළවලට ඈතින් යෙදීම සුදුසු ය. දින 10 හෝ 15 කට වරක් දියර පොහොර යෙදීම මගින් වඩා හො ප්‍රතිපල ලබා ගත හැක.සෙවන පාලනය සදහා මඩුවක්  භාවිතා කිරීම ද ඉතා සුදුසු ය.

පැළ නිපදවා ගැනීම
වගා භූමියකින් ලබා ගත් පැළ වර්ග හොඳින් වැවුන පසු එම පැළ උපයෝගී  කර ගෙන තමන්ට අවශ්‍ය  පැළ නිපදවා ගත හැක. ක කැබලි, පත්‍ර කැබලි, අතු කැබලි සහ ලේසර් ක්‍රම මගින් ද පැළ නිපදවා ගැනීම කළ හැක.

කෘමි පාලනය
මයිටාවන්, කූඩිත්තන්, පිටි මකුණන් වැනි කෘමි සතුන්ගෙන් විය හැකි හානි පිළිබ අවධානය පැළ තවානක දී අත්‍යාවශ්‍ය කරුණකි.



9 comments:

  1. Good work, all the best. ����

    ReplyDelete
  2. Good work, all the best. ����

    ReplyDelete
  3. අපිටත් ලොකු ප්‍රයෝජනයක් උනා.වටින පොස්ට් එකක් අක්කා..

    ReplyDelete
  4. ඉතා වැදගත් විස්තර පෙළක්... නියමයි.

    ReplyDelete
  5. හැමෝටම වැදගත් වෙන දෙයක්.... නියම වැඩක්.

    ReplyDelete