‍‍යෝගට් නිෂ්පාදනය


      යෝගට් මිහිරි රසින් යුතු පෝෂ්‍යදායී ආහාරයකි. ළමුන් අතර මෙන් ම වැඩිහිටියන් අතර ද යෝගට් සඳහා ඉහළ ඉල්ලුමක් ඇත. යෝගට් එකක් රු:35.00ක් වැනි මුදලකට වෙළඳපොලේ අ‍ළෙවි වුව ද යෝගට් නිෂ්පාදනය සඳහා වැය වන නියම පිරිවැය රු:27.00ට වඩා වැඩි නොවේ. යෝගට් නිෂ්පාදනය යනු දිරිමත් ඔබට මධ්‍ය පරිමාණ ‍‍ෙලස අාරම්භ ‍‍ෙකාට සාර්ථකත්වය‍ට පත්විය හැකි කදිම වූ ස්වයං රැකියා අවස්ථාවකි. 
යෝගට් නිෂ්පාදනය සඳහා -  
අවශ්‍ය අමු ද්‍රව්‍ය  
  • එළකිරි හෝ කල්කිරි - පයින්ට් 10 
  • සීනි - ග්‍රෑම්   650
  • ජෙලටින් - ග්‍රෑම් 45
  • එග්ස්යෙලෝ වර්ණ කාරකය
  • වැනිලා රස කාරකය
  • මුහුන් සඳහා යෝගට් කෝප්ප 2ක්   
(නිෂ්පාදන ප්‍රමාණය අනුව අමුද්‍රව්‍ය සපයා ගන්න.)

අවශ්‍ය යන්ත්‍රෝපකරණ
  • උෂ්ණත්වමානය
  • අැලුමිනියම් භාජනය
  • ‍‍‍ෙජා්ගු
  • ලී හැඳි හා ‍‍‍‍‍‍ෙත් හැඳි
  • මිනුම් උපකරණ
  • තරාදියක්

සාදන ක්‍රමය  

පියවර 01 - සීනි සහ කිරි හොඳින් දිය කර ගන්න.

පියවර 02 - ජෙලටින් උණු වතුරෙහි දියකර කිරිවලට එකතු කරන්න.

පියවර 03 - නටන උෂ්ණත්වයට (පැ.අං.125ට) උණුකර ලිපෙන් බා ගන්න. ‍(යොදය ඇත්නම් ඉවත් කළ යුතු ය.)

පියවර 04 - රස කාරක හා වර්ණ කාරක එකතු කර ගන්න.
පියවර 05 - උෂ්ණත්වය සෙ.ග්‍රෙ.42ට ආ විට හොඳින් දියකර ගත් මුහුන් එකතු කරන්න.

පියවර 06 - ඉන් පසු යෝගට් කෝප්පවලට වත්කර පැය 5ක් හෝ 6ක් තිබෙන්නට හරින්න. 

පියවර 07 - එම මිශ්‍රණයන් මිදී ගෙන එන විට ශීතකරණයක තබන්න.

(අධි ශීතකරණයක නොතැබිය යුතු ය.)
(යෝගට් සාමාන්‍ය ක්‍රමයට සාදා සුදුසු පලතුරු වර්ග එකතු කිරීමෙන් පලතුරු යෝගට් ද සාදා ගත හැකි ය.)

8 comments:

  1. Replies
    1. අකුරු ලියන්න දන්නේ නැද්ද

      Delete
  2. good luck beer hadanahati nadda 😁

    ReplyDelete
  3. අනුමත රස කාරක හා වර්ණක මොනවාද .ඒවා1L යොදන ප්‍රමාණය කුමක් ද 🤔🤔

    ReplyDelete
  4. යෝගට් සෑදීමේදී බීජෞෂකයක් තුල තබන්නේ ඇයි?

    ReplyDelete