බහුල ලෙස පලතුරු ලබා ගැනීමට ඇති පහසුව නිසා ශ්‍රී ලංකාව
තුළ ජෑම් නිෂ්පාදනය දියුණු කළ හැකි කර්මාන්තයකි. අන්නාසි, දිවුල්, පැපොල්, අඹ,
වැල්දොඩම්, පේර, බෙලි, ස්ට්‍රෝබෙරි ආදී පලතුරුවලින් වෙන වෙන ම ජෑම් නිෂ්පාදනය කළ
හැකි අතර වර්ග කීපයක් එකතු කර මිශ්‍ර ජෑම් වශයෙන් ද ජෑම් නිෂ්පාදනය කළ හැක. පලතුරු
බහුල පලාත් වල ලාභදායී කර්මාන්තයක් ලෙස කළ
හැකි ජෑම් නිෂ්පාදනයට අවශ්‍ය වන අනෙකුත් අමු ද්‍රව්‍ය ප්‍රමාණය අවම මට්ටමක පවතී. (ජෑම් නිෂ්පාදනය සඳහා තම රිසි පලතුරු වර්ගයක්
භාවිතා කිරීමේ හැකියාව ඇත.)
අවශ්‍ය උපකරණ
1
උෂ්ණත්වමානයක් (කන්පැක්ෂනරි මීටරයක්)
2
උණුකිරීමට තාච්චියක් වැනි භාජනයක්
3
සුදුසු උඳුනක්
4
පලතුරු පල්ප කිරීමට බ්ලෙන්ඩරයක්
5
පිහිය, හැඳි, ප්ලාස්ටික් භාජන
අවශ්‍ය අමු ද්‍රව්‍ය
- පලතුරු - 500g
- සීනි - 500g
- සිට්රික් අම්ලය - 01g ( තේ හැඳි ½ )
- පෙක්ටින් - 05g ( තේ හැඳි 01)
- අවශ්‍ය ප්‍රමාණයට වතුර
(ව්‍යාපාරයක් වශයෙන් කරන විට මෙම අනුපාතය අවශ්‍ය ප්‍රමාණයට
වෙනස් කර ගත යුතු ය.)
සාමාන්‍ය වශයෙන් මෙම ප්‍රමාණ දක්වා ඇතත් ඒ ඒ පලතුරු වර්ග
වලට යෙදිය යුතු සීනි ප්‍රමාණය පහත සඳහන්
පරිදි වෙනස් වේ.
නිෂ්පාදන ක්‍රියාවලිය
පියවර 01 - හොඳින් පැසී ඉදුණු ඇට සහ පොතු ඉවත් කළ පලතුරු,
මල නොබැදෙන බඳුනක දමා බුබුලු දමන තෙක් රත් කරන්න.
පියවර 02 - රත් වන විට සිට්රික් අම්ලය තේ හැඳි½ක් එකතු කරන්න.
පියවර 03 - සීනිවලට පෙක්ටින් කලවම් කර පලතුරු මිශ්‍රණයට
එකතු කරන්න.
පියවර 04 - පදම එන තුරු හැඳි ගාමින් සෙ.ග්‍රේඩ් 100 සිට
105 දක්වා රත් කරන්න.
පියවර 05 - ලිපෙන් බාගෙන සුදුසු රස කාරක සහ වර්ණ කාරක
එකතු එක් කරන්න.
පියවර 06 - කල් තබා ගැනීමට අවශ්‍ය නම් සෝඩියම් බෙන්සොඒට්
ඉතා ස්වල්පයක් එකතු කරන්න.
(මේ අයුරින් සකස්
කර ගත් ජෑම් උණුවෙන් තිබියදී ම උණු ජලයෙන් හොඳින් සෝදා (ජීවාණුහරණය කර) වියලා ගත් බෝතල්වල
ඇසුරුම් කර මූඩි සීලරයක් යොදා ගෙන සීල් කල යුතු ය. බෝතල් නිවුණු පසු අවශ්‍ය ලේබල් යෙදීම කළ යුතු ය.)
වැදගත් කරුණු
- ජෑම් සඳහා පෙක්ටින් යොදනු ලබන්නේ අවශ්‍ය ජෙලටීන බව ඇති කිරීමට ය. පේර, දිවුල්, බෙලි පලතුරුවල ස්වභාවිකව ම පෙක්ටින අඩංගු වන බැවින් භාවිතා කරන පෙක්ටින ප්‍රමාණය අඩු කළ යුතු ය.
- අවශ්‍ය ප්‍රමාණයට සිට්රික් අම්ලය නොයෙදූ විට සීනි කැටි ගැසීම සිදු වේ.
- අන්නාසි, ජෑම් නිෂ්පාදනය සඳහා යොදා ගන්නා විට අන්නාසි ගෙඩියෙහි ඇස් සහ නාරටි කොටස් හොඳින් කපා දැමිය යුතු ය. ලෙමන් ගෙඩියක යුෂ එකතු කර ගන්නේ නම් වඩා රසවත් ය. (අන්නාසි 500gට සීනි 400g ක් ප්‍රමාණවත් වේ.)
- දිවුල් ජෑම් නිෂ්පාදනයට දිවුල් 500gට සීනි 400g භාවිතා කළ යුතු ය.
- මිශ්‍ර පලතුරු ජෑම් නිෂ්පාදනයට අඹ 250g, අන්නාසි 250g, පැෂන්පෘට් 250g, පැපොල් 250g, සීනි 1kg සමග දෙහි යුෂ මේස හැඳි 2ක් භාවිතා කළ යුතු ය.
- අඹ ජෑම් සඳහා
500g ට සීනි 400g භාවිතා කළ යුතු ය.
niyamai
ReplyDeleteElaaaa
ReplyDeleteElaaaa
ReplyDeleteGood idea
ReplyDelete