වැඩි පිරිසක් සහභාගී වන උත්සව වැනි අවස්ථාවන්වල දී සංග්‍රහ කටයුතු සඳහා පලතුරුවලින් නිපදවන කෝඩියල්
භාවිතා කරණු ලබයි. ක්ෂණික ව පිලියෙල කර ගත හැකි නිසා කෝඩියල් පානයට යහපත් ඉල්ලුමක්
පවතී. පෝෂ්‍යදායක බීමක් වන කෝඩියල් සඳහා දේශීය මෙන් ම විදේශීයව ද හොඳ වෙළඳපොලක් ඇත. අන්නාසි‚ වැල්දොඩම්‚ නෙල්ලි‚ දිවුල්‚ අඹ පලතුරුවලින් කෝඩියල් නිෂ්පාදනය කළ හැක.
අවශ්‍ය ද්‍රව්‍ය
පලතුරු යුෂ - 200g
පලතුරු යුෂ - 200g
සීනි - 200g
ජලය - 150g
ස්ට්‍රික් අම්ලය - 01g
පෙක්ටින් අම්ලය - 01
පෙක්ටින් අම්ලය - 01
ග්ලිසරින් (පලතුරු යුෂ හා ජලය වෙන්වීම වැලැක්වීමට) - 01g
නිෂ්පාදන ක්‍රියාවලිය
පියවර 01 - වතුර ලිප තබා රත්වන විට සීනි ක්‍රමයෙන් එකතු කරන්න.
පියවර 02 - හොඳින්
බ්ලෙන්ඩර් කර ගත් පලතුරු සීනි ද්‍රාවනයට එකතු කරන්න.
පියවර 03 - පෙක්ටින් සහ ස්ට්‍රික් අම්ලය එකතු කරන්න.
පියවර 04 - සෙ.ග්‍රේ.
90 දක්වා රත් කරන්න.
පියවර 05 - ලිපෙන් බා ගෙන රස සහ වර්ණ කාරක සමග
මෙටාබයිසල්පයිට් (0.05 ඉහත අනුපාතයට අනුව-කල්තබා ගැනීම සඳහා) එකතු කරන්න.
සැලකිය යුතු
කරුණු
- නිෂ්පාදන ප්‍රමාණය අනුව ඉහත සඳහන් පරිමාන වෙනස් විය යුතු ය.
- භාවිතා කරන බෝතල් ජීවාණුහරණය කර ගත යුතු ය.
- අවසන බෝතල්වල අසුරා ලේබල් කර වෙළඳපොලට ඉදිරිපත් කළ හැක.
- මෙටාබයිසල්පයිට් භාවිතාව ඉතා ස්වල්ප ප්‍රමාණයෙන් කළ යුතු ය.
කොපමණ කාලයක් කල්තබා ගත හැකිද?
ReplyDelete