පවතින සමාජ ආර්ථික අර්බුදය හමුවේ අද දවසේ තරුණ තරුණියන්ට රජයේ හෝ වෙනත් ආයතනයක් තුළ රැකියාවක් සපයා ගැනීම අතිශය ගැටළුකාරී කරුණක් වී ඇත. වසර ගණනක් වෙහෙස දරා අධ්‍යාපනික අවශ්‍යතා සපුරා ගත්තේ වුව ද ජීවන වෘත්තීය සකසා ගැනීමට අවශ්‍ය වන දැනුමක් අද පවතින අධ්‍යාපන ක්‍රමය තුළ ලැබෙන්නේ නැත. ඊට පිළියමක් ලෙස කාර්මික අධ්‍යාපන ක්‍රමයක් ස්ථාපිත කර ඇති ද එය සමාජ අවශ්‍යතා පිරිමසාලීමට සමත් නැත.
මේ කිසියම් ක්‍රමයකට අනුගත ව රජයේ හෝ පුද්ගලික අංශයේ රැකියාවක් ලබා ගත්ත ද එමගින් ලැබෙන ලද
මනාව ජීවත්වීමට ප්‍රමාණවත් නොවීම තවත් ගැටලුවකි.
මෙම කරුණු හමුවේ අපට ගත හැකි හොඳ ම මග වනුයේ ස්වයං රැකියාවක් ආරම්භ කිරීමට අවශ්‍ය වන දැනුම
ළගා කර ගැනීමයි. ස්වයං රැකියාවක් මගින් තමන්ට
තමන්ගේ උත්සාහය, හැකියාව හා ධෛර්යය මත දියුණුව ළගා කර ගත හැක.
ස්වයං රැකියාවක නියුතු පුද්ගලයා, නිදහස් පුද්ගලයෙකි...